Thursday, November 7, 2024

General line - 0115112241

හිතුවට වඩා හොඳයි - රටේ ආර්ථිකය ගැන විශ්ලේෂකයින් කියයි




අපේක්‍ෂා කළ මට්ටමට වඩා රටේ ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් ඇතැයි ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්‍ෂා කළ මට්ටමටත් වඩා රටේ ආර්ථිකය වර්ධනය වෙමින් ඇති බවයි. 


කොටස් වෙළඳපොළේ අගයන් ඉහළ යාම පමණක් රටේ ආර්ථිකය ඉහළ යාම පිළිබඳ සාධකයක් නොවන බවයි ඔහු පැවසුවේ. 


වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෙර පැවති ක්‍රමයට යළි ගෙන ඒම මෙරට සංචාරක ව්‍යාපාරයට අතිශය වැදගත් වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 


ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.