Thursday, November 7, 2024

General line - 0115112241

ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුවත් පහළට




ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4කින් අඩු කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම අඩු කිරීම ක්‍රියාත්මක බවයි බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ රජය මගින් ඉන්ධන මිල පහත දැමීමත් සමග ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4කින් පහළ දැමීමට තීරණය කළ බවයි.

ජනතාවට සහන සැලසීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් ලෙස මෙම තීරණය ගත් බවද බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.