Thursday, November 7, 2024

General line - 0115112241

බස් ගාස්තු අඩු කිරීම ගැන ගැමුණු කියන කතාව




ඉන්ධන මිලට සාපේක්‍ෂව සියයට 4කට වඩා වැඩි අගයකින් බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු  සියයට 4යි දශම 2යි 4කින් සංශෝධනය කෙරුණා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියලකින් පහළ දැමුණු අතර එහි නව බස් ගාස්තුව රුපියල් 27ක් වනවා.

රුපියල් 2,267ක් වන වැඩිම බස් ගාස්තුව රුපියල් 2,170ක් දක්වා පහළ දමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

අද සිට ක්‍රියාත්මක බස් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 25 95 555 වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. 

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට හා පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.