Thursday, November 7, 2024

General line - 0115112241

පාඨලී චම්පික රණවකට එරෙහි නඩු විභාගයක් කල් යයි

උදය කුමාර




පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් කල් දමා තිබෙනවා.

අදාළ නඩුව පෙබරවාරි මස 28 වන දා දක්වා කල් තැබීමටයි කොළඹ මහාධිකරණය නියම කර ඇත්තේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ අදාළ නඩුව පෙබරවාරි මස 28 වන දා කැඳවන ලෙසයි.