මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ඇත් දළ කොටසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත කතරගම, පෙරගිරිගම ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 51 යන වයස් කාණ්ඩවල පසුවන කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඉන් එක් සැකකරුවෙක් දේපළ සොරකමක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කතරගම පොලීසිය මගින් ක්‍රියාත්මකයි.