Thursday, November 7, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැහැ




ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව එරට  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ වන විට අදාළ අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවයි.

ඊශ්‍රායල් රජය ක්‍රියාත්මක කර ඇති ආරක්‍ෂක විධි විධාන අනුගමනය කිරීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙසටයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ආදිය ළඟ තබාගන්නා ලෙසටද ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.