Thursday, November 7, 2024

General line - 0115112241

රොෂාන්, චන්න සහ මිලාන් දිලිත් ළඟට




පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණා.

ඔහුට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද අද මෙලෙස එම පක්ෂය හා එක්වුණා.

එලෙස එක් වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ මිලාන් ජයතිලක යන මහත්වරුන්. ඒ අනුව රොෂාන් රණසිංහ මහතාට මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය පිරිනමා තිබෙනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද මව්බිම ජනතා පක්ෂයට වුණේ පක්ෂයේ උප සභාපති ලෙසයි.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක් වුණා.

ඒ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසයි.