මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාවටද දැනෙන තරමේ බලපෑමක් එල්ල විය හැකි බවට ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.
අන්තර්ජාතික තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසුවේ මැදපෙරදිග අර්බුදය උත්සන්න වන්නේ යම්සේද මෙරට ආර්ථිකයටද එතරම් ප්‍රමාණයකින් බලපෑම් එල්ල විය හැකි බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ මැද පෙරදිග ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන විදේශ විනිමය සඳහාද දැඩි බලපෑමක් එල්ල වන බවයි.
අන්තර්ජාතික තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත් එය ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල වන බවයි.
ලොව බලවත් රටවල් මැදපෙරදිග ගැටුමට මැදිහත් වෙමින් ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මේ මොහොතේ අතිශය තීරණාත්මක බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ මේ වන විට ඊශ්‍රායලයේ සහ ලෙබනන්හි පමණක් ශ්‍රී ලාංකිකයින් 20,000කට ආසන්න පිරිසක් සේවය කරන බවයි.
මැද පෙරදිග ගැටුම උණුසුම් කරමින් ඊශ්‍රායලය පළමුව පලස්තීනයට පහර දුන්නා. පසුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්.
ඊයේ වන විට ඊශ්‍රායල් හමුදා ලෙබනනයට ඇතුළු වී ගොඩබිම් ප්‍රහාරයක්ද එල්ල කළා.
මැද පෙරදිග අර්බුදයේ නවතම තොරතුරු නෙත් නිවුස් විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.