Monday, December 23, 2024

General line - 0115112241

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලානය අද ඇරඹෙයි




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. තරඟාවලියට එක් වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

තරඟාවලියට මූලික යටයේ තරඟ 20ක් ඇතුළත්.

ඉන් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබන කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

තරඟාවලිය ඔක්තෝබර් 20 දක්වා පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ‘ඒ’ කාණ්ඩයෙන්.

එම කාණ්ඩය යටතේ ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පකිස්තානය තරඟ වදිනවා.

‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්.

තරඟාවලිය ආරම්භ වන අද දිනයේ තරඟ දෙකක් පැවැත්වෙනවා.

පළමු තරඟය බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන්නේ සවස 03යි 30ටයි.

දෙවන තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර අද රාත්‍රී 07යි 30ට පැවැත්වෙනවා.