දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ මහතා හට ස්ථාන මාරුවක් ලබා දීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ඔහු බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර මුදල් විශුද්ධිකරණ ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන පී අම්පාවිල මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමටද නියමිත බව වාර්තා වනවා.