Wednesday, November 6, 2024

General line - 0115112241

ජනපති ගැන අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

උදය කුමාර




ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කළා.

සුනිල් වටගල මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර සිටින්නේ සුභාෂ් නමැති පුද්ගලයෙකුගේ ගිණුම හරහා මෙම ව්‍යාජ තොරතුරු අන්තර්ජාලයට එක්ව තිබෙන බවයි.