එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් ඉකුත් 25 වන දින සිට මේ දක්වා කාලසීමාව තුළ ස්වාධීන කණ්ඩායම් 58ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඉකුත් පළමුවනදා දක්වා මැතිවරණ කොට්ඨාස 15කට අදාළව ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 37ක්. ඊයේ දිනයේදී පමණක් ස්වාධීන කණ්ඩායම් 21ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
ඒ, මැතිවරණ කොට්ඨාස 13කට අදාළවයි. මහමැතිවරණය සඳහා හෙට දිනයේ සිට නාම යෝජනා භාර ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.