මහ මැතිවරණයට අදාළ සියලු මුද්‍රණ කටයුතු මාසයක් ඇතුළත් සිදුකිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මැතිවරණයට අදාළ මුද්‍රණ වර්ග 300කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් මුද්‍රණය කර අවසන් බවයි.
එමෙන්ම සෙසු මුද්‍රණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්‍රමාණය ඉක්මවා රජයේ මුද්‍රණාලය සතුව ඇති බවද ඔහු කියා සිටියා.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සදහා වැය වූ මුදලේ ඉතිරි මුදල ලබාගැනීමට අවශ්‍ය බිල්පත් සැකසීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් ඇති බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.