මණිපායි ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබූ රුපියල් එක්කෝටි පන් ලක්ෂයක මුදලක් සහ රුපියල් ලක්ෂ 03කට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මණිපායි පොලිස් වසමේ ඩව් පාර ප්රදේශයේ වෙල් යායක් අසලදී එම මුදල් කොල්ලය සිදුව තිබුණේ පෙරේදා දිනයේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන සිදු කළ මණිපායි පොලීසිය ඊයේ දිනයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිලිකරු ඉඩමක් විකුණා එම ගණුදෙනුවට සහය දුන් තැරැව්කරු සමග මුදල් රැගෙන යන අවස්ථාවේදී එම මංකොල්ලය සිදුව තිබුණා.
එම මුදල් කොල්ලය සිදු කර ඇත්තේ අදාළ තැරැව්කරුගේ පුත්රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.