2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊයේ දිනයේදී ස්වාධීන කණ්ඩායම් 28ක් ඇප තැන්පත් කර තිබෙනවා.
ඒ, මැතිවරණ කොට්ඨාස 12ක් සඳහායි. ඒ අනුව පසුගිය 25 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ මැතිවරණ දිස්ත්රික්ක 22 සඳහා ඇප තැන්පත් කර ඇති මුළු ස්වාධීන කණ්ඩායම් ගණන 86ක්.
ඒ අතරින් වැඩිම ස්වාධීන කණ්ඩායම් ගණනක් ඇප තැන්පත් කර ඇත්තේ මඩකලපුව දිස්ත්රික්කය සඳහායි.
එම දිස්ත්රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 14ක් ඊයේ දිනය වන විට ඇප තැන්පත් කර තිබූ බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා ස්වාධීන කණ්ඩායම් 09ක් සහ යාපනය දිස්ත්රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 08ක් ඇප තැන්පත් කර තිබෙනවා.