මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
පසුගිය කාල සීමාවේදී ආන්දෝලනයට තුඩු දුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදු කරනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම එහිදී සිදුවූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
දැනට සිදු කරගෙන යන විමර්ශන මොනවාද? තාවකාලිකව නවත්වා ඇති විමර්ශන වේ නම් ඒවා මොනවාද? එසේ නැවැත්වීමට දේශපාලනික හේතු බලපා තිබේද? යන්න සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
එමෙන්ම අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අලුතෙන් ආරම්භ කළ යුතු විමර්ශන තිබේ නම් ඒවා මොනවාද? යන්න පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ තවත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව තිබෙනවා.