පාකිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජය අමතක කර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා මුහුණ දීමට සිය කණ්ඩායම සූදානම් බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න පවසනවා.
ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය වූ මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 31කින් පරාජයට පත් වුණා.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය ඕස්ට්‍රේලියාවට එරෙහිව සාජාහිදී හෙට පැවැත්වීමට නියමිතයි.