විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග මහඔය, පැන්තොට ප්‍රදේශයේදී පොලීසිය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර නීති විරෝධී ගිනි අවියක් සන්තකව සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු වරකාපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත වරකාපොළ, ඇලිතුඩුහේන ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කළ අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ නිවසේ හිමිකාරිය වන අතර එම නිවසේ සිටි තවත් සැකකරුවෙකු එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.