නීතිවිරෝධී දුම්වැටි 1,500ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
ඒ, කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ යන ප්රදේශවල සිදු කළ වැටලම්වලදීයි. අලෙවි කිරීමට සුදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1,200ක තොගයක් සමග හෙට්ටියාවත්ත මංසන්දිය අසලදී එම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී දුම්වැටි 300ක් සමඟ පේසාලේ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි සැකකාරියක්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
විදේශීය දුම්වැටි සමග අත්අඩංගුවට ගැණුනු සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.