Thursday, November 7, 2024

General line - 0115112241

කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

උදය කුමාර




අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තව දුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05 ක් අත්හිටුවමින් අද දින තෙක් බල පැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අද දිනයේ අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම අත්හිටුවීමේ නියෝගය ලබන ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස නියම කළා.