ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
සමගි ජන බලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එක්සත් ජාතික පක්ෂයට සහ සිය පක්ෂයට එක්ව තරඟ කිරීමට නොහැකි වී ඇති කරුණු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ පාර්ශව එක් සන්ධානයකින් තරඟ කිරීමට අද දිනයේත් සාකච්ඡාවක නිරත වුණා.
එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා සකස් කරන ආකාරය සම්බන්ධයෙන් කරුණු දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර.
මේ අතර මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.