පොලිස් මූලස්ථානයේ පැරණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ලද පොලිස්පති මහජන සහන මැදිරිය ඉකුත් සැප්තැම්බර් 30වනදා සිට නව ස්ථානයක ස්ථාපිත කර කිබෙනවා.
එලෙස පොලිස්පති සහන මැදිරිය අලුතෙන් ස්ථාපිත කර ඇත්තේ කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේයි.
ඒ අනුව මින් ඉදිරියට නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති මහජන සහන මැදිරිය මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.