පසුගිය ජනාධිපතිවරණ සමයේදී අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ යම් යම් වැඩසටහන් අත්හිටුවීමට කටයුතු කළද මේ වන විට ජනාධිපතිවරණ කාලසීමාව අවසන් වී ඇති හෙයින් එම වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙනවා.
ඒ අනුව මහකන්නයේ වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලබා දීම, ධීවර සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිඟ මුදලද සමග ඔක්තෝබර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් සඳහා වැඩිකළ දීමනාව ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ විරුද්ධත්වයක් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාද මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මෙලෙස අදහස් දැක්වූවා.