ඉදිරි මහමැතිවරණයට අදාළව ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් ස්වාධීන කණ්ඩායම් 26ක්ම ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ඊයේ දිනයේදී බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
යාපනය සහ මඩකලපුව මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 15 බැගින් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
කොළඹ සහ ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 12ක්.
දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
කෙසේවෙතත් මාතලේ මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් මෙතෙක් කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර නැහැ.
මේ අතර ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් නාම යෝජනා භාර දුන් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
කොළඹ, කළුතර සහ මඩකලපුව මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 03ක් ද නාම යෝජනා භාර දී තිබෙනවා.
ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 11වනදා මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනවා. නොවැම්බර් 14 වනදා ඉදිරි මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.