ජනතා බදු මුදල් අනවශ්‍ය ලෙස වැය නොකිරීමේ ආදර්ශය ජනාධිපති ධූරයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාවේ සිටම අනුර කුමාර දිසානායක මහතා රජයේ නිලධාරීන්ට ලබා දුන් බව ජාතික ජන බලවේගයේ නීතිඥ ජයන්ත තිලකරත්න මහතා පවසනවා.
නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නීතිඥ ජයන්ත තිලකරත්න මහතා.
ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත නොවීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද සමගි ජන බලවේගය මෙහිදී අදහස් පළ වුණා.
මේ, නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනේදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගයේ සාමාජික නිරෝෂන් පාදුක්ක මහතා.
නෙත් නිවුස් සිව්වන මානය මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.