ඉදිරි මහ මැතිවරණයේ රාජකාරි සඳහා යොදා ගන්නා කාර්ය මණ්ඩල සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැඩිවීම හේතුවෙන් එලෙස කාර්ය මණ්ඩල සංඛ්‍යාව වැඩිකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.
මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරුණු දැක්වූවා.