පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර පිටවූවා යැයි කියන ප්‍රශ්න තුනට අමතරව තවත් ප්‍රශ්න පිටවී ඇතැයි සැක කරන්නේ නම් ඒ පිළිබඳ සාක්ෂි සහිතව පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාසය භාර නිලධාරියා හමුවී මේ පිළිබඳව දැනුවත් කරන ලෙසයි.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා.