මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නාම යෝජනා ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇත්නම් ජනතාව විසින් ඔවුන් ප්රතික්ෂේප කරනු ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
පසුගිය සමයේ පැවති මැතිවරණවලට සාපේක්ෂව මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණය සාමකාමීව අවසන් කිරීමට හැකි වුනේ පැෆ්රල් සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම්වල මැදිහත් වීමෙන් බවයි එම සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.