ඊශ්‍රායලය සහ ඉරානය අතර තවදුරටත් ගැටුම් වර්ධනය වුවහොත් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 15 කගේ රැකියා පිළිබඳ අවධානමක් මතුවිය හැකි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
එම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන්ද ඉහළ යා හැකි බවයි ඔහු පැවසුවේ.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ඕනෑම අවස්ථාවක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවත් මේ වනවිට එරට ආරක්ෂ අංශයේ සියලුම නිවාඩු අවලංගු කිරීමට ද තීරණයක් ගෙන ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.