වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි යුවළක් ඔවුන්ගේ නිවසේ සිටියදී ඝාතනයට ලක් කොට ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න අලුත්ගම පාරේ පදිංචිව සිටී 75 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ 67 හැවිරිදි ඔහුගේ බිරිඳ බවයි පොලිසිය සදහන් කරන්නේ
වැලිපැන්න මුස්ලිම් විද්‍යාලය අසල නිවසක ඝාතනය කල බවට සැක අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් තිබෙන බවට ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ කිරීමේදී නිවසේ සාලයේ තිබී මෙම මළසිරුරු දෙක හමු වී තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇති ව්‍යාපාරික අඹුසැමි දෙපල වතු කිහිපයක් සහ ගල් කොරියක් හිමි ව්‍යාපාරික යුවලක් වනවා. ඔවුන්ට දරුවන් ද නොමැති බවයි පොලිසිය පැවසුවේ
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැලිපැන්න පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.