2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගෙන් එම බදු අයකර ගැනීම සඳහා අද සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයන්ගේ පරිශ්‍ර වෙත ගොස් එම බදු අයකර ගන්නා බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ.
මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,417 ක් බදු ලෙස එකතු කර ගෙන තිබෙනවා.
මෙම ප්‍රමාණය 2024 වර්ෂය සදහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් සියයට 70 ක් ඉක්මවූ අගයක් බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ.
නොගෙවූ ස්වතක්සේරු බදු අයකර ගැනීමේදී නීිතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.