හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පොලිසිය පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරින් තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.
කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු නිලධාරින් ගණන කඩිනමින් තීරණය කර ඒ අනුව කටයුතු කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.