ජන හා නිවාස සංගනනයේ පුද්ගලයන්ගේ සහ නිවාසවල තොරතුරු රැස් කිරීමේ කටයුතු අද දින නිල වශයෙන් ආරම්භ කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ සංගනනය සඳහා නිලධාරින් 30,000කට වැඩි පිරිසක් යොදවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මෙවර ජන හා නිවාස සංගනනයක් සිදු කරන්නේ වසර 12 කට පසුව බැවින් ඒ සඳහා නිවෙස් වෙත පැමිණෙන නිලධාරින් වෙත නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.