ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට රැකියා සඳහා පැමිණීමට නියමිත ලාංකිකයන් අනියත බියක් ඇති නොකරගත යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන්ම සොයා බලමින් ඔවුන්ට අවශ්‍ය කරන සේවාවන් ලබාදෙන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙතෙක් කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවා.
යුද ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයන්ට ලැබෙන පහසුකම් පිළිබඳව ද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අදහස් පල කළා.