ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පල වනවා.
සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ
හිටපු ජනාධිපතිවරයා ක්රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලඥයින්ට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
මේ අතර තමන් ගෑස් සිලින්ඩරය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවා.
ඉදිරියේදී සිය පාක්ෂිකයින් යළිත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වනු ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
කරවනැල්ල ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.