ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදෙනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකයින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ අදාළ තේරීම් භාර නිලධාරි වෙත භාරදිය යුතුයි.
එමෙන්ම 99 (අ) ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්සකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
නාමයෝජනා පත්‍රය සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත් වීම දණ්ඩනයකට යටත් විය යුතු වරදක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.
ඉදිරි මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම ලබන 11 වනදා මධ්‍යහ්න 12.00න් අවසන් වනවා.
මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතයි.