Thursday, November 7, 2024

General line - 0115112241

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි




කෙසෙල්වත්ත, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එලෙස පහරදීමට ලක්වූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම කාන්තාව සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වයස අවුරුදු 32ක් පමණ වන එම කාන්තාවගේ ස්ථිර පදිංචිය මෙතෙක් අනාවරණ වී නැහැ.