ලෝක ජනාවාස දිනය අදයි. ලෝක ජනාවාස දිනය සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනට යෙදී තිබෙනවා
මෙවර එහි තේමාව වන්නේ “තුරුණු ජවයෙන් සපිරි නගරයක්” යන්නයි.
මෙවර සමරනු ලබන්නේ 38 වැනි ජනාවාස වසරයි.
ඒ වෙනුවෙන් සංවිධාන කළ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අද පැවැත්වුණේ ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේදීයි.
ඒ, එම අමාත්‍යංශයේ ලේකම් ඒ එම් පී එම් බී අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන්.
ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් අද සිට 13 වැනිදා දක්වා ජනාවාස සතියක් ද නම් කර තිබෙනවා.