Wednesday, December 25, 2024

General line - 0115112241

මිහිමත රජ කළ දැවැන්තයන් විනාශ වූ හැටි හෙළිවෙයි 




මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ වුයේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව විද්‍යාඥයෝ පවසනවා.

ඒ අනුව විද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ වසර මිලියන 66 කට පෙර ඩයිනසෝරයන් විනාශ වී ඇත්තේ යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් බවයි 

එඩින්බරෝ හැරියොට්-වොට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යුසිඩීන් නිකල්සන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම සිදු කළ පර්යේෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා.

2022 වසරේ දී බටහිර අප්‍රිකාවේ ගිනියාවට ඔබ්බෙන් මුහුදු පතුලෙන් හමුවුණු කිලෝ මීටර් 8 ක් පළල දිය යට නදීර් ආවාටය පසුගිය කාලයේ සියුම් ලෙස අධ්‍යයනය කර ඇති අතර එම ආවාටය, වසර මිලියන 65 ත් 67 ත් අතර කාලයේ, පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහක නිසා නිර්මාණය වූවක් බව මේ වනවිට කාල නිර්ණය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මෙය පෘථිවියේ හැපී ඇත්තේ පැයට කිලෝ මීටර් 72,000 ක වේගයකින්  බවයි විද්‍යාඥයෝ පවසන්නේ 

මෙම ඝට්ටනය හේතුවෙන් දැඩි කම්පන තරංග පිටවී ඇති අතර මීටර් 800 ට වඩා උස සුනාමියක් ඇතිවී  ඩයිනසෝරයන් විනාශවී ගොස් ඇති බවයි විද්‍යාඥයෝ සඳහන් කර ඇත්තේ 

තවද ලෝකය පුරා තහවුරු කරන ලද සමුද්‍ර ආවාට 20 ක් පමණ ඇති අතර, ඒවායින් කිසිවක් මෙම මට්ටමේ විස්තර වලට ආසන්න කිසිවක් අල්ලාගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ