මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ ආයතන ප්‍රතිසංවිධානය කිරීම මේ වනවිට අරඹා තිබෙනවා.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය පත්කිරීමටයි යෝජනා වී ඇත්තේ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එම තනතුරට පත්වන පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාස ගත වනවා.
පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් තිදෙනා අතර සිටින ඇය ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වනවා.
ඒ 2007 වසරේ නොවැම්බර් 03 වනදායි..
ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය රුහුණු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ලබා තිබෙනවා.
පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස සේවයේ නිරතව සිට ඇති ඉමේෂා මුතුමාල, පොලිස් නිෂ්කාශන අංශයේත් කලක් සේවය කර තිබෙනවා..
මිට පෙරද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ අධීක්ෂණ නිලධාරිනිය ලෙසද කටයුතු කළා.
ඉන් අනතුරුව 2021 වසරේ ජූනි මාසයේදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කර තිබෙනවා.