Wednesday, December 25, 2024

General line - 0115112241

පකිස්තාන යාචකයින් මැදපෙරදිහට හිසරදයක් වෙයි




සෞදි අරාබිය පකිස්තානයෙන් වන්දනාකරුවන් පැමිණීම සීමා කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ පාකිස්තානයේ යාචකයින් ලොව පුරා කතාබහට ලක්ව ඇත. 

මෙය ලොව පුරා, විශේෂයෙන් මැද පෙරදිග පාකිස්තානයේ කීර්ති නාමයට විශාල හානියක් කර ඇත. 

යාචකයන්ට එරෙහිව පියවර නොගතහොත් උම්රා සහ හජ් වන්දනාකරුවන්ට සීමාවන් පැනවීම ගැන සෞදි පකිස්තානයට අනතුරු ඇඟවීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, තුර්කිය සහ ඕමානය ඇතුළු ගල්ෆ් රටවල සංචාරය කිරීම සඳහා පකිස්ථානයේ සිට පැමිණි යාචකයෝ සංචාරකයන් ලෙස වෙස්වලාගෙන සිටියි.

මැදපෙරදිගින් අත්අඩංගුවට ගන්නා යාචකයින්ගෙන් සියයට 90ක් පමණ පාකිස්තානයෙන් පැමිණි අය වීම විශේෂත්වයකි. 

මැදපෙරදිග සේවය කරන පකිස්ථානු ජාතිකයින්ට පකිස්ථානයෙන් පැමිණ යාචකයින් ලෙස සිටින පිරිස් ගැටලුවක් වී ඇති බව ලේකම් මට්ටමේ නිලධාරියෙකු වන සුල්ෆිකාර් හයිඩර් පිළිගත්තේය.

ජෙඩා හි සේවය කරන පකිස්ථාන ජාතිකයෙකු වන සර්ෂා නවීඩ් පැවසුවේ සෞදි රජයේ අනතුරු ඇඟවීම පකිස්ථානයේ ප්‍රතිරූපය සහ විදේශීය වෘත්තිකයන්ගේ විශ්වසනීයත්වය අවමානයට ලක් කරන බවයි.

"මෙම භයානක තත්වය ජාත්‍යන්තර වශයෙන් පාකිස්තානයේ කීර්ති නාමයට හානි කරනවා පමණක් නොව සමාජයට ධනාත්මක ලෙස දායක වීමට වෙහෙස මහන්සි වී වැඩ කරන සියලුම පකිස්ථානුවන්ගේ ගෞරවයටද බලපායි," ඇය පැවසුවාය.

පාකිස්ථානයෙන් පැමිණෙන යාචකයින් සෑම ගල්ෆ් රටකටම පාහේ හිසරදයක් වී ඇත. 

වන්දනා වීසා සඳහා ලිහිල් කළ සම්මතයන් සහ පකිස්තාන රජයේ ලිහිල් පාලනය ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව ලාහෝර් හි කතුවරයා සහ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රසුල් බක්ෂ් රායිස් පැවසීය.

"මාස ගණනාවක් තිස්සේ ගල්ෆ් කලාපයේ විවිධ රටවල ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ගේ සිරගෙවල් පකිස්ථාන යාචකයින්ගෙන් පිරී ඉතිරී යන බව පෙන්වා දී ඇති අතර මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් යමක් කරන ලෙස පකිස්ථාන රජයට බලපෑම් කර ඇත," ඔහු පැවසීය