ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ඇතැම් රටවල පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වන්නේ දැයි ජනාධිපතිවරයා එහිදී එම සංගමයෙන් විමසීමක් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත්තේ සිය ආනයන කටයුතු සඳහා මෙතෙක් කිසිදු බාධාවක් එල්ලවී නොමැති බවයි.
එමෙන්ම ඉදිරි උත්සව සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංගමයේ නියෝජිතයින්ට දැනුම්දී තිබෙනවා.