දූෂණ චෝදනා සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට මහ මැතිවරණයට තරග කිරීම සඳහා සිය පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බව සමගි ජන බලවේගය පවසනවා.
එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත්වන පුද්ගලයින් කිසිවෙකුට හෝ දූෂණ චෝදනා ඇත්නම් ඔවුන් ඉන් ඉවත් කරන බවයි.
කෙසේවෙතත් එවැනි පුද්ගලයින්ට ඡන්දය ලබා නොදීමට ඡන්ද දායකයන්ට ද වගකීමක් ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.