ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සඳහා තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලු පක්ෂවලින් ඉල්ලීමක් කරනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ නාම යෝජනා පත්ර භාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන් පරිදි පෙළපාලිවලින් තොරව එම කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටින බවයි.
මහ මැතිවරණයේ ප්රචාරණ කටයුතුවලදී නීතියට පටහැනි සහ පරිසරයට හානිවන කිසිදු වැඩපිළිවෙලක නිරත නොවන ලෙසට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා මෙහිදී කියා සිටියා.