නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 220ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒවා ළඟ තබා ගැනීමේ චෝදනාව මත තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම සැකකරුවන් කෙසෙල්වත්ත, කරන්දෙනිය සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.