පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර නැවත බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වන හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාරදෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව මන්ත්රීවරුන්ට දැනුම් දී ඇත්තේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදුන් එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා..