Wednesday, November 6, 2024

General line - 0115112241

බන්ධනාගාර නියාමකවරයෙකු STF අත්අඩංගුවට




බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළට සිය නිල ඇඳුමේ සඟවාගෙන දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකායේ බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිදුකල හදිසි වැටලීමකදීයි.

එහිදී බන්ධනාගාර විශේෂ අංශයේ රාජකාරි සඳහා පිටව යාමට පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකු සෝදිසි කිරිමේදී ඔහුගේ හිස්වැසුමේ සුක්ෂම අකාරයෙන් සඟවා තිබූ ජංගම දුරකථන චාජරයක කොටසක් හා ඩේටා කේබලයක් සොයාගෙන තිබෙනවා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ.