ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා ජන සභා ලේකම් කාර්යාලය සඳහා කොන්ත්‍රාත් පදනම මත සිදුකරන ලද බඳවාගැනීම් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්.
මේ අතර වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමට ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි එම මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් පැවසුවේ.