අන්තර් නිවර්තන අභිසාරී කාලපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වනදා දක්වා පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.