Wednesday, December 25, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ අයහපත් කාළගුණයෙන් ජීවිත පහක් බිළිගනී




උතුරු දිග බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ලක්ෂයකට අධික පිරිසක් ඉන් පීඩාවට පත්වී තිබෙනවා.

අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර උතුරු දිග බංග්ලාදේශයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව ඇති අතර ගංවතුරෙන් කුඹුරු හා සත්ත්ව ගොවිපළවලට ද හානි සිදුව තිබෙනවා.

ගංවතුරට මැදිව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් ක්‍රියාත්මක බවයි බංග්ලාදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ .

වාර්ෂිකව බංග්ලාදේශයේ මිලියන 3යි දශම 5ක පමණ පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .